ලංකාවේ විශාලම හෙරොයින් තොගය අත්අඩංගුවට
අද (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප්‍රශංසාව පළ කළේය.
මෙහිචී රුපියල් මිලියන 2945ක් වටිනා හෙරොයින් කිලෝ 294ක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.
එමෙන්ම ඔවුන්ගේ සේවය අගය කරමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන යන මෙම උදාර මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය සෑම අවස්ථාවකම හිමිවන බවයි.
අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය ද මෙහි දී ජනාධිපතිගේ නිරික්ෂණයට ලක් විය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ඒ.සී ධනපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා පසුගිය වැටලීම්වලට අදාළ තොරතුරු ද නිරික්ෂණය කරනු ලැබීය.



popular news
-
chathuri Sunday, 24 February 2019 07:43 PM
ඔය ටිකක්. ඉහලට. ඇද්දනම්. ඕන දෙයක් කරන්න පුළුවන්ලු බයත් නැහැලු
Reply : 0 1
Kumar Sunday, 24 February 2019 08:54 PM
මම සෑමදාම ලියන්නවවගේ ලියන්න තිබෙන්නේ මාධ්‍යට පෙවන්න පාර්සල් කරලා තිබෙනවා විතරනෙ. ඊට පස්සේ හොරුත් නෑ බඩුත් නෑ.
Reply : 0 1
sg Sunday, 24 February 2019 11:54 PM
Dannam polisiye niyama nayakathwaya me sdaha himi mwela thiyenawa...
Reply : 1 0
kapila Monday, 25 February 2019 12:13 AM
2015 දී දිනපු ගමන් මේ මෙහෙයුම පටන් ගත්තනම් මේ වනවිට කුඩු නැති කරන්න තිබුන.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

