රිෂාඩ් - හකීම් යළිත් අමාත්‍යධුර භාර ගනිති
සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල දිවුරුම් දුන්හ.
ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුහු යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.
01 රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
02 රිෂාඞ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
03 අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා - කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
04 අබ්දුල්ලා මහරුෆ් මහතා - වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
05 බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
popular news
-
BDS wijewardana Tuesday, 30 July 2019 04:52 AM
Kodu pana nethi nayakayo sulujathintama giya ratak
Reply : 0 0
Champa Tuesday, 30 July 2019 07:25 AM
අනේ නෙද්දකින්. කොහෙද අර තියෙනවා කිව්වා කශේරුකාව? මේ විදිහට ගෙදර යන ගමන් ඇමතිකම් දීපු කිසිම පාලකයෙක් නැහැ. මොන තරම් මහජන මුදල් නාස්තියක්ද? අම්ම අප්පාගේ බූදලේ වගේ බෙදල දෙන හැටි. සිංහලයන්ට මල බෙර ගහනවා කිව්වා හකීම්ටයි පාස්කු ඉරිදා බෝම්බකරුවන්ගේ පිටිපස්සේ හිටපු රිෂාඩ්ටයි ඇමතිකම්!!!!! මේක මම දිගටම කියනව ලංකාවේ සිංහලයන්ට. ලංකාවේ ඊළඟ ජනාධිපති මොන විදිහකටවත් දේශපාලකයෙක්ට නම් වෙන්න දෙන්න එපා. ඒ විතරක් නෙමෙයි දෙමල මුස්ලිම් අන්තවාදී දේශපාලකයන්ට ආයෙමත් කේවල් දේශපාලනයකට ගිහින් ඊළඟ ආණ්ඩුවේත් හොඳම ඇමතිකම් ගන්න ඉඩ තියන්න එපා. ලංකාවේ ඊළඟ ජනාධිපති සිංහලයන් එකට එකතු කරන්න පුළුවන් මිනිහෙක් වෙන්න ඕනේ. අවුරුදු 71ක් තිස්සේ පක්ෂ වලට බෙදිලා ඉඳල වෙච්ච සුගතියක් නැහැ. දැන් එන්නේ කඩඉමක්. අවුරුදු 2500 කට පස්සේ ලංකාව කඩඉමකට ඇවිල්ල තියෙනව. මෙතනින් පස්සේ ලංකාව යන්නේ කොහාටද කියල තීරණය කරන්න ඕනේ රටේ ජනතාව මිසක් ආත්මාර්ථකාමී දේශපාලකයෝ නෙමෙයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

