ප්‍රවීණ ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගීව විසූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියෙහි පසු විය.
මා ආදරෙයි මුළු ලොවටත් වඩා,කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ, රන් සීනු නාද දේ,රඟදෙන පරණ තාල,රෝස මල් කුමාරිආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් ඔහු ජනතාව අතර ජනප්‍රිය විය. ඒ්ප මහතා රූවාහිනී රියැලිටි වැඩසටහන් වල විනිශ්චයකාරවරයෙකු ලෙසද කටයුතු කළේය.
සංගීත පරපුරකින් පැවැත එන සංගීත අධ්යක්ෂ, වාද්‍ය හා ගායන ශිල්පී රාජූ බණ්ඩාරයන්, "හද ගී පොතේ........" නැමැති ජනප්‍රිය ගීතය ගැයූ නැසීගිය චන්ද්‍රා බණ්ඩාරයන්ගේ ආදරණීය පුතු වන අතර අතිදක්ෂ ගිටාර් වාද්‍ය ශිල්පී මහින්ද බණ්ඩාරගේ සහෝදරයාය.
රාජු බණ්ඩාර මහතාගේ දේහය හෙට උදෑසන 10.00 සිට බොරැල්ලේ ජයරත්ත මල්ශාලාවේ තැන්පත් කෙරෙන අතර 17 සෙනසුරාදා සවස 5.00ට බොරැල්ල පොදු සුසාන භුමියේදි අවසන් කටයුතු සිදුකෙරේ.