Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 15 වන අඟහරුවාදා
2025 ජුලි මස 15 වන අඟහරුවාදා
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු අමතමින් කරන කථාව.
මේ ලබපු තනතුරු වරප්‍රසාද නෙමෙයි ඒවා වඩාත් වගකීම් බව තේරුම් ගන්න් ඕන.
ජනතාව අතිවිශාල ජනවරමක් දුන්නේ විශාල බලාපොරෙත්තු ඇතිව.
මේ තනතුරු ලබාදීමේදී අපිට දේශපාලනික වශයෙන් වැඩකරපු, වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාදුන්න අයට ලබාදෙන්න හැකියාවක් නෑ. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ තිබෙන සීමා හේතුකොට ගෙන.
රාජ්‍ය ඇමතිවරුන්ගේ සංඛාව අඩුකරන්නට කැමැත්තක් තිබුණත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවාම වගකීම් රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි ඒ ආකාරයෙන්ම තබා ගැනීමට තීරණය කළේ.
තමන්ට ලැබුණ අමාත්‍යධුරය ගැන සැකයක් තිබෙන්න පුළුවන්. නම කොහොම වුණත් වගකීම් විශාල බව තේරුම් ගන්න ඕන.
හැම රාජ්‍ය අමාත්‍යධුරයකට මම වසර ගණනාවක් තිස්සේ අධ්‍යන කරපු අවශ්‍යතාවන් දිහා බැලුවාමත් මැතිවරණ ව්‍යාපාරය තුළ ඒ ඒ ප්‍ර දේශවලට ගියාම දැකපු ජනතා අවශ්‍යතා දිහි බැලුවාමත් ඒවා ඉටුකර ගැනීමටයි රාජ්‍ය අමාත්‍යධුර ලබාදී තිබෙන්නේ.
ජනතාවගේ අවශ්‍යතාවන් දිහා බලලා මේ අමාත්‍යධුර වෙන්කර තිබෙනවා. දුම්රිය සේවා රාජ්‍ය ඇමති ගත්තෙත් අද දුම්රිය සේවය ගැන විශාල අවශ්‍යතාවක් තිබෙනවා.
එය දියුණු කළ යුතුයි. ඒ නිසා තමයි ඒක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් ලෙස වෙන් කළේ. දුම්රිය සේවය දිගු කරන්නත් කාර්යක්ෂම කරන්නත් අවශ්‍යයි.
දේශීය වෛද්‍ය සේවාව දියුණු කිරිම ගැන කථා කළා. එය සංචාරක අංශයට භාවිත කරන්නට. එයට ඇති ප්‍රමුඛත්වය නැති වෙලා යනවා. මේ ගැන සොයා බලලයි අපි කල්පනා කළේ එයට රාජ්‍ය අමාත්‍යවරයෙක් ලබාදෙන්නට.
සමාජ ආරක්ෂණ අමාත්‍යවරායට දිළිඳුකම ගැන අපි කථා කළා, මගේ මැතිවරණ ප්රචාරක කටයුතු වලදීත් අපේ විරුද්ධ පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයේත් දිළිඳුකම පිටු දැකීම ගැන කථා කළා. මේ නිසයි එම අමාත්‍යාංශය පත්කළේ. ඒක ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක්.
කාන්ත හා ළමා කටයුතු කාන්තාවකට දෙන්න බැරිවුණත් ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් අංශ.
තාක්ෂණය දියුණු කිරීම ගැන අපි ප්‍රමුඛතාවක් දී තිබෙනවා. ඒ නිසා ඒ අංශයට අපි අවධානය යොමුකර තිබෙනවා.
මේ හැම අමාත්‍යාංශයක්ම මේ ගැන හිතලා තමයි අපි වෙන්කළේ. ආයතන ලබාගැනීමේදී තමන්ට වැටහෙයි කොච්චර වැදගත්ද කියලා.
අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න අවස්ථාව දෙන්න කියලා.
ඔවුන්ට වගකීම භාර දීලා ඒක කරන්න දෙන්න. රාජ්‍ය අමාත්‍යවරුන්ට ලේකම්වරයෙක් එනවා.
මේක වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක්. ඒ වගකීම නිසියාකාරව ඉටු කරන්න අපි වෙහෙසවෙලා වැඩ කරන්න ඕන.
අපිට ලොකු අභියෝගයක් තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශය දිරිමත් කරලා රාජ්‍ය අංශය ක්‍රියාත්මක කරලා ජනතාවට සේවය කරන්න අපි අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
තනතුරු නොලැබුණත් මන්ත්‍රීවරුන්ට කරන්න පුළුවන් වගකීමක් තිබෙනවා.
රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් කාර්යයක් භාර දී තිබෙනවා.
ඒ වගකීම අපි නිසියාකාරව ඉටු කරමු අලුත් රට දිරිමත් කරලා ජනතාවට සේවය කරන්න සිතාගමු.
popular news
Daham Wednesday, 27 November 2019 11:54 AM
"රාජ්‍ය ඇමතිවරුන්ගේ සංඛාව අඩුකරන්නට කැමැත්තක් තිබුණත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවාම වගකීම් රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි ඒ ආකාරයෙන්ම තබා ගැනීමට තීරණය කළේ" ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවාමද නැත්නම් මන්ට්රිලගේ කෑදර කම නිසා ඇතිකරපු බලපෑමට යටවූ නිසාද මෙතරම් මහා විශාල සන්කියාවක් පත්කළේ.
Reply : 1 3
Indral Wednesday, 27 November 2019 11:59 AM
ව්‍යවස්ථාවේ තිබෙන සීමා නැත්නම් ඕනෑම ඇමති ගානක් දෙන්න තිබුණාද?
Reply : 1 3
Hemantha Wednesday, 27 November 2019 01:45 PM
පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සියලුදෙනාටම ඇමතිකම් දීල තියෙනව. මහජනයාට සේවය කෙරීම කෙසේවෙතත් අපට පාරේ යන්න ඉඩදෙන්න කියන්න වාහන පිරිවරාගෙන ඉගිල්ලෙන්නේ නැතුව.
Reply : 1 2
Champa Wednesday, 27 November 2019 03:24 PM
ජනතාව අති විශාල ජනවරමක් දුන්නේ නැහැ. ජනතාව අති බහුතරය පාට පක්ෂ භේදයක් නැතුව චන්දෙ දුන්න යහපාලනය ගෙදර යවන්න. මේ චන්ද ලැබුනේ ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයටවත් අතින්ම මොහොතේ සජිත් එක්ක තරඟෙට දුන්නු පොරොන්දු වලටවත් නෙමෙයි. මිනිස්සුන්ට ඒ පොරොන්දු මුකුත් මතක නැහැ. මතත් මතක නැත්නම් අනිත් මිනිස්සුන්ට කොහොමත් මතකයි කියලා මම හිතන්නේ නැහැ. මිනිස්සු බැලුවේ වහල් ආණ්ඩුවෙන් රට ජාතිය බේර ගන්න එක ගැන විතරයි. ඒ හින්ද මෙතන ජනවරමක් නැහැ. දැන් තමයි මිනිස්සු බලන්නේ මහින්දගේ තේරීම යන පාර මොකක්ද කියල.
Reply : 0 1
Champa Wednesday, 27 November 2019 03:32 PM
ඔක්කොම දීල එවර වෙනකම් හිටිය මේක ලියන්න. ජනාධිපතිගේ කැබිනට් එකේ ජනහඬ නියෝජනය වෙන්නේ නැහැ. ජනතා හඬ නියෝජනය වෙන එකම ඇමති විමල් විතරයි මෙතන. අනිත් ඔක්කොම එහෙයියෝ. දිනේෂ් සෑහෙන කාලයක් නිශ්ශබ්දව හිටිය හින්ද දැන් කොහොමද මම දන්නේ නැහැ. නමුත් පැහැදිලිවම පෙනෙන්න දෙයක් තමයි ගම්මන්පිලවයි වාසුවයි උගුලකට හව්කරගෙන තියෙනවා කියන එක. ගම්මන්පිලට ඇමති තනතුරක් නොදීම පිටිපස්සේ ඉන්නේ අලි සබ්රි කියන එක මම තාමත් කියනව. ගම්මන්පිල දුන්නයි කියන ලියුමෙන් වැඩක් නැහැ. ඒ හින්ද ගම්මන්පිලවයි වාසුවයි දෙන්නම කැබිනට් එකට ගන්න ඕනේ. රාජ්‍ය ඇමති ධූර 54 දක්වා වැඩි කරන්න පුළුවන් නම් තව දෙන්නෙක් කැබිනට් එකට දාන එකේ අමාරුවක් මට පේන්නේ නැහැ. මැතිවරණෙ කවද තියයිද මම දන්නේ නැහැ. නමුත් MCC, SOFA, ETCA අත්සන් කරන්න හැදුවොත් ඒකට විරුද්ධ ජනතා හඬ කැබිනට් එකේ නියෝජනය වෙන්න ඕනේ. ගෝඨාභයට චන්දෙ දුන්නු අති බහුතරය මේ ගිවිසුම් වලට සහ විධායක ජනාධිපති ධූරය නැති කරන එකටත් විරුද්ධයි කියන එක මතක තියා ගන්න ඕනේ.
Reply : 1 0
Champa Wednesday, 27 November 2019 06:48 PM
ලේසියෙන්ම අඩු කරන්න තිබ්බ වහල් ආණ්ඩුවත් එක්ක ඇමති තනතුරු දරලා පස්සේ චන්දෙට අවුරුද්දකට දෙකටට ඉස්සෙල්ල ඒකාබද්ධ විපක්ෂය පැත්තට පැන්න, කලින් ආණ්ඩුවේ ඇමති තනතුරු දරපු 1) තිලංග, 2) SB, 3) ජෝන් සෙනෙවිරත්න, 4) මහින්ද සමරසිංහ, 5) සුසන්ත පුංචිනිලමේ, 6) අනුර ප්‍රියදර්ශන යාපා, 7) සුසිල් ප්‍රේමජයන්ත, 8) ප්‍රියංකර ජයරත්න, 9) රන්ජිත් සියඹලාපිටිය, 10) දුමින්ද දිසානායක, 11) දයාසිරි ජයසේකර, 12) ලසන්ත අලගියවන්න සහ 13) නිමල් ලන්සට ඇමතිකම් නොදී. 14) අමරවීරට සහ 15) නිමල් සිරිපාලටත ඇමතිකම් නොදී ඉන්න තිබ්බ. මේක පත් වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි භාරකාර ආණ්ඩුවක් හින්ද ඕක කරන්න තිබ්බ. පක්ෂ වල ගිවිසුම් වලින් ජනතාවට වැඩක් නැහැ. මේ ගොල්ලෝ මේ පැත්තට ආවත් නැතත් මිනිස්සු යහපාලනයට විරුද්ධව චන්දෙ දෙනවා. මේ ගොල්ලෝ ආපු එකෙන් වුනේ චන්ද කැඩිච්ච එක. අනිත් එක මිනිස්සු මේගොල්ලන්ව ඊළඟ පාර්ලිමේන්තුවට නොතොරන්න හොඳටම ඉඩ තියෙනවා. මේ පත්වීම් 15 වෙනුවෙන් දරන වියදම සම්පූරනයෙන්ම මහජන මුදල් නාස්තියක්. මේ 15 කලින් වහල් ආණ්ඩුවේ ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති තනතුරු දරුපු නිසා ඇමති වැටුප නැතුව වැඩ කරන්න කියන්න.
Reply : 0 0
අනුෂ්ක එදිරිසූරිය Thursday, 28 November 2019 09:12 PM
මහ මැතිවරණෙ පැවැත් වෙද්දී මිනිස්සුන් කලකිරෙන තැනට ගෙන නොගිහින් ඒකට චන්දේ දෙද්දී පරණආන්ඩුවේ රට කාපු මිනිසුන් අයින් කරානම් වටිනවා කියලයි මගේ අදහස. ජනාධිපති තුමාගැන ආඩම්බරයෙන් ජන්දය පාවිච්චි කරන්න තිබුනනම් ඇති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd