ආනයනය කිරීම තහනම් කර තිබූ රසායනික පොහොර සමහරක් යළිත් අගෝස්තු 01 වනදා සිට ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම බැංකුවල ප්‍රධානීන්ට ඊයේ ලිපියක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මේ හරහා පැහැදිලිවම ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැති කම පෙනෙන බවයි.
“රසායනික පොහොර තහනම් කළ පළමු රට බවට පත් වෙමින් ලෝක පූජිත වෙනවා යැයි ජනාධිපතිවරයා පවසද්දී, ඒ වෙනුවෙන් අති මහත් ධනස්කන්ධයක් වියදම් කරමින් ප්‍රචාරණ ව්‍යාපාරයක්ද දියත් කර තිබෙන පසුබිමක මුදල් අමාත්‍යවරයා විසින් මේ ආකාරයෙන් රසායනික පොහොර ආනයනයට යළිත් අවස්ථාව ලබාදීම නිසි ප්‍රතිපත්තියක් නොමැති ආණ්ඩුවක කෙරුවාව යළි යළිත් කියා පානවා.
එක් වරම රටක් කාබනික ගොවිතැනට හරවාලිය නොහැකි බවත් ලෝකයේ කිසිදු රටක් එසේ කර නොමැති බවත් එය සිදුකළ යුත්තේ ක්‍රමානුකූලව බවත් අප පැවසූවිට එයට සරදම්කළ ආණ්ඩුවේ මොලේ තරම මේ ප්රශ්නය මගින් කදිමට පෙනෙනවා. පොහොර නොමැති කමින් මෙතෙක් පීඩාවට ලක්වූ ගොවීන්ට සිදුවූ පාඩුව මේ ආණ්ඩුව විසින් ඔවුන්ට ලබාදිය යුතුයි.” යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් පැවැසීය.