ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන රුසියානු සංචාරකයන් සඳහා ‘Buy one and get one free’ විශේෂ දීමනාවක් ශ්රී ලන්කන් ගුවන් සේවය හඳුන්වා දී තිබේ.
මෙම ප්රවර්ධනය ලබන ඔක්තෝබර් 31 දා තෙක් වලංගු වෙයි. සංචාරක රෙගුලාසි ලිහිල් කිරීමෙන් පසු රුසියානු සංචාරකයනිට ශ්රී ලංකාවේ ඇති ආකර්ශනීය ස්ථාන රාශියක් ගවේෂනය කිරීමේ මෙම විශේෂ දීමනාව මගින් ඉඩ සැලසෙයි.
වට්ටම් සහිත ගුවන් ටිකට් පත් හා ශ්රී ලංකවේ සංචාරක හවුල්කරුවන් විසින් පිරිනමන විශේෂ දීමනා ලබාගනිමින් සිය නිවාඩු ගත කිරීමට ශ්රී ලංකාව තෝරා ගැනීමට රුසියානු සංචාරකයන්ට එමගින් අවස්ථාව හිමිවෙයි.