හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි කාන්තාවන් දූෂණයවී ඇත්දැයි පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2010 වසරේ සිට එම නිවසේ මෙහෙකාර සේවය වෙනුවෙන් කාන්තාවන් 11 යොදාගෙන ඇතැයිද ඔවුන්ගෙන් බහුතරය හැටන් ඩයගම පදිංචිකරුවන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
එම කාන්තාවන් අතරින් පස්දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට ලබාගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
එසේම හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී පිළිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේදී මිය ගිය දැරියගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් එම සිරුර හෙට දිනයේදී ගොඩ ගැනීමට නියමිත බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.