පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව පසුගිය 24 දා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බද්යුදීන් මහතා හා ඔහුගේ සොයොයුරු රියාජ් බද්යුදීන් මහතා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.
පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලින්ම පැය 72ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කරනු ලැබූ අතර එම පැය 72ක කාලය අද උදෑසන අවසන් විය.
ඒ අනුව තවදුරටත් ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම වෙනුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ව දින 90ක කාලයක් රඳවා තබාගැනීමට මෙසේ අවසර ලැබි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.