රත්තොට ප්‍රදේශයෙන් කොවිඩ් ආසිදිතයෙක් වාර්තාවීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිණෙන ස්ථාන 25 දින සිට වසා දැමිමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසිය.
රත්තොට රිවස්ටන්, දන්දන්ක වැව ආශ්‍රිතව හා බඹරකිරිඇල්ල ආදි සංචාරකයින් වැඩි වශනේ පැමිණෙන ස්ථාන මෙසේ වසා දැමීමට පියවර ගන්නා බව සභාපතිවරයා පැවසිය.
සියලු ජනතාවගේආරක්ෂාව පිළිබදව කටයුතු කර මෙම තිරණය ගත් බවත් මේ පිළිබදව සෞඛ්‍ය අංශ/පොලිසිය දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභාපතිවරයා පැවසිය.
රත්තොට රුවන් ධනංජය