වනාතවිල්ලුව පොලිස් වසමේ රාල්මඩුව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ මව, දියණිය හා පුතා දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද සවස 4.00ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ. මෘත ශරීර ගොඩට ගත් බවත් වනාතවිල්ලුව පොලීසිය විමර්ශන කරන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.