රියදුරු බලපත්ර නිකුත් කිරිමේ සහන කාලය යළි සංශෝධනය කරයි
- 22 06 2020
- 12:46
- {{hitsCtrl.values.hits}} views
- ..
මේ වසරේ මාර්තු 16 සහ ජුනි 30 වන දා දක්වා කාලය තුළදී වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්රයකම වලංගු කාලය එය අවසන්වීමට නියමිත දිනයේ සිට මාස 6කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
2020 ජූලි මස පළමුවන දා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය අතරතුර වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්රයකම වලංගු කාලය එය අවසන් වන දිනයේ සිට මාස 3ක කාලයකින් ද දීර්ඝ කර තිබේ.
මෙම නියමයන් ඇතුළත් ගැසට් නිවේදනයක් ප්රකාශයට පත් කර ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා ප්රකාශ කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
