බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටින රැදවියන් 52 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණ රැදවියන් නිරෝධායනය සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන එති. එසේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 56 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කොට ඇති අතර එම පරික්ෂණ වාර්තාවන්ට අනුව ඉන් 52 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
කොරෝනා ආසාදිත රැදවියන් වෛද්‍ය ප්‍රථිකාර සදහා අගුණුකොළපැලැස්ස හා වටරක බන්ධනාගාර වෙත යොමුකොට ඇති බව බුස්ස බන්ධනාගාරය පවසයි.
චන්දන සමරවික්‍රම