අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හෙට පැවැත්වීමට නියමිත හමුවේදී ඔවුන් දෙදෙනා අවසන් එකඟතාවයකට එනු ඇති නමුත් එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා තීරණය වන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
මහනුවරදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම තමන් හා අමාත්‍ය කබීර් හෂීම් මහතා අතර ගැටලුවක් නොමැති බවත් අදහස් හවුමාරුවක් සිදුවූ බවත් ඔහු සඳහන් කළේය.
“කබීර් හා මං හොඳ මිත්රයින්. අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවුණා. අපේ පක්ෂය ප්රජාතන්ත්රවාදී පක්ෂයක්.සංවාද තිබෙනවා. කබිර් එක්ක ප්‍රශ්නයක් නෑ.
පක්ෂයේ බෙදීමක් නෑ. සජිත් ප්‍රේමදාස මහතාත් තියාගෙන යන්නේ එක්ස්ත් ජාතික පක්ෂයේ රැස්වීම්. කවුරුත් මහන්සි වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න.
හෙට අවසන් තිරණය ඒවි. සජිත් ඇමතිතුමත් අගමැතිත් හෙට හමුවෙනවා. ඔවුන් අතර කිසිම ප්‍රශ්නයක් නෑ. අගමැතිතුමා හා සජිත් තාත්තයි පුතයි වගෙයි. හොඳ තේරුම් ගැනීමක් තිබෙනවා.
මේ හමුව්දී අපේක්ෂකයා තීරණය වෙන්නේ නෑ. දෙපාර්ශ්වය අතර එකඟතාවත් ඇතිවේවි. එජපා කෘත්‍යාධිකාරි මණ්ඩලය තමයි අපේක්ෂකයා තොරන්නේ.
පොහොට්ටුවේ අපේක්ෂකයා ඇමෙරිකාවේ පුරවැසියෙක්. මහින්ද රාජපක්ෂ හැරෙන්න ඔක්කොම ඇමෙරිකන් ජාතිකයන්. ඔවුන් ඇමෙරිකාවේ පිං පඩි ගත්තා.
අපිටත් රට අත්හැර යන්න තිබුණා. නමුත් අපි රටට ආදරය කරන පිරිසක්.”