ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් සඳහා ලබාදුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් රනිතා ඥාණරාජා මහත්මිය වෙත ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය හිමිව තිබේ.
ඇමෙරිකානු ජනපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් මහත්මිය විසින් මෙම සම්මානය පිරිනමා තිබේ. ඊයේ දිනයේදී මෙම සම්මාන ප්‍ර දානොත්සවය පැවැතියේය.
ශ්‍රී ලංකාවේ යුක්තිය, වගවීම හා කාන්තා අයිතිවාසිකම් සඳහා වූ කැපවීම වෙනුවන් රනිතා මහත්මිය කළ සේවාව අගයමින් මෙම සම්මානය පිරිනැමීය.
නීතිඥවරියක වන රනිතා බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් පීඩාවට පත්වූ පවුල්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වයට මුහුණ දී දිවි ගලවාගත් අය හා ආගමික හා සුළුතර කණ්ඩායම් ඇතුළු ලංකාවේ වඩාත්ම අවදානම් ජනකොටස් වෙනුවෙන් පෙනී සිටින්නීය.