අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙසත් තමන් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01දා) විශේෂ ඇපෑලක් ගොනු කර තිබේ.
මෙම ඇපෑල විභාගයට ගෙන අවසන් වනතුරු තමන් සිරභාරයේ තබා ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම ඇපෑලෙන් ඉල්ලා ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට ඉකුත් දොළොස් වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ අතර එම දඬුවම අහෝසි කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසද ඉල්ලා මෙම විශේෂ අභියාචන පෙත්සමද හා ඊට අදාළ දිව්රුම් පෙත්සම් හා ලේඛණද නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා විසින් ගොනු කළේය.