අධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් හඬපට පිළිබඳව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අද (13දා) ආරම්භ වීමට නියමිතය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හඬපට ඇතුළත් සංයුක්ත තැටි තොගය පසුගිය 09 වැනිදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද හඬපට කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙන අතර, නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ලබාදුන් නියෝගයකට අනුව අදාළ හඬපට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය සතුව තිබූ හඬපට රස පරීක්ෂක වෙත ලබාදෙන ලෙසට නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය විසින් පසුගිය 09 වැනිදා නියෝග කර තිබිණි.