එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ බවත්, ඒ සඳහා අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් විශ්වාස කරන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙම ගැටලුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු නොවන බවද ඊයේ (09දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති නොවන ආකාරයට අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් පියවරක් ගනු ඇතැයි රාජ්‍ය නායකත්වය විශ්වාස කරන බවද කියා සිටියේය.
දිනේෂ් සමරකෝන්