හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හුදකලාව අධිකරණයට බලපෑම් කළ බවට සැලකිය නොහැකි බවත් හිටපු ජනපති හා අගමැතිට මේ සම්බන්ධයෙන් යම් වගකීමක් පැවරෙන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමත්‍ය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුයේ මඩොල්කැලේ මහපතන ප්‍රදේශයේදී අද (13දා) පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නීති හා අධිකරණ පද්ධතියට ලබා දුන්නා යැයි කියන ස්වාධීනත්වයේ තරම රංජන් රාමනායක මහතා විසින් සිදුකර තිබෙන දුරකථන සංවාද ඔස්සේ ජනතාවට හොඳින් පැහැදිලි වන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
“මේ සම්බන්ධයෙන් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා වෙත සියලු වගකීම් බැර කොට විනය පරීක්ෂණයක් ඔස්සේ ඔහුව පක්ෂයෙන් නෙරපා අනික් සියලු දෙනාට අතපිස දා ගැනීමට හැකියාවක් නැ.
පසුගිය පාලන සමය තුළදී රටේ ජනතාව සාමය, සංහිඳියාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටයේ නෑ. පසුගිය ආණ්ඩුව සිදුකළේ ජනතා විරෝධී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් රට බෙදීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමයි.
පසුගිය ජනපතිවරණයේදී මේ රටේ සිංහල ජනතාව වැරදි තීන්දුවක් ගත්තේ නම් රට නිසැක වශයෙන්ම අන්තවාදීන් විසින් බෙදා වෙන්කර ගන්නවා.”