8.00 PM රන්ජන් හෙට අධිකරණයට
ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
6.23 PM රන්ජන් රාමනායක අත්අඩංගුවට
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත්තේය.
ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් අනුවය. ආන්දෝලානාත්මක හඬ පට හරහා අධිකරණයට සිදුකර ඇති බලපෑම් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (14දා) උපදෙස් දුන්නේය.
4.58 PM රන්ජන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තු
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.
වරෙන්තුවක් ලබාගෙන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අද (14දා) කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම වරෙන්තුව ලබාගෙන තිබේ.
3.09 PM - රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දන්වා තිබේ.
මතභේදාත්මක හඬපට තුළින් අධිකරණ ක්ෂේත්රයට ඔහු කර ඇති මැදිහත්වීම් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබේ.