හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමන්ව ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
තමාව ඝාතනය කිරීමට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් දී ඇති බවත් ඔහු පැවැසීය.