රථ වාහන වැරදි වෙනුවෙන් රුපියල් 25000ක දඬමුදලක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය ඉදිරියේදී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
ඒ අනුව 01 රියදුරු බලපත්‍රයක් නොමැති රිය ධාවනය, 02 රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවා නියුක්ත කිරීම, 03. 01 මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය පැදවීම, 03.02 මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතනෙය් අනතුරුව ගාස්තුවක් සඳහා තැනැත්නග් ගෙන යෑම, 03.03, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය පදවා යම් තැනැත්තෙකුට මරණය හෝ තුවාල සිදුකිරීම, 04 දුම්රිය මාර්ගය තුළට අපරික්ෂාකාරී අකාරයෙන් මෝටර් වාහන ධාවනය, 05 වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, යනාදි වරදවල් වලට රුපියල් 25000 සිට රුපියල් 150000 දක්වා දඩ අය කිරිමට නියමිතව තිබේ.
මෙකී වරදවල් මුලින්ම සිදුකරන්නේ නම් රුපියල් 25000 සිට 30000 දක්වාත් දෙවැනි වතාවට කරන්නේ නම් 30000 සිට 50000 දක්වාත් දඩ අය කිරීමට නියමිතව තිබේ. ඒසේම මත්පැන් භාවිත කිරිමෙන් අනතුරුව රිය පදවා යම් තැනැත්තෙකු මරණය සිදුකරයි නම් රුපියල් 100000 සිට රුපියල් 150000 දක්වා දඬ මුදලකට සහ / හෝ අවුරුදු 2 සිට අවුරුදු 10 දක්වා සිර දඬුවම් හා රියදුරු බලපත්‍රය අහෝසි කිරිමද සිදුකිරීමට අවස්ථාව තිබේ.
06 අධික වේගයෙන් රිය ධාවනය, 6.01 ධාවනය කළ හැකි උපරිම වේගය ඉක්මවා 20%ක් දක්වා අධික වේගයෙන් රිය ධාවනය, 60.02 ධාවනය කළ හැකි උපරිම වේගය ඉක්මවා 20%ට වැඩි හා 30% ට අඩු අධික වේගයෙන් රිය ධාවනය, 06.03 ධාවනය කළ හැකි උපරිම වේගය ඉක්මවා 30%ට වැඩි හා 50%ට අඩු අධික වේගයෙන් රිය ධාවනය, 06.04 ධාවනය කළ හැකි උපරිම වේගයට වඩා 50%ක අධික වේගයෙන් රිය ධාවනය, 07 වමෙන් වාහන ඉස්ර කිරීම යනාදි වරදවල් වෙනුවෙන් රුපියල් 2500 සිට රුපියල් 25000ක් දක්වා දඬ අය කිරීමට අවස්ථාව තිබේ.මීට අමතරව අධික වේගයෙන් රිය ධාවනය කිරිම හා වමෙන් ඉස්සර කිරීම යන වැරිදි වෙනුවෙන් රථවාහන වැරදි සඳහා රුපියල් 2000 සිට 15000 දක්වා ස්ථානීය දඬ පැනවීමටත් නියමිතව තිබේ.