මාර්ග අනතුරු විශාල වශයෙන් සිදුවන බරපතල වැරදි සඳහා වන දඬ මුදල් ඉහළ දැමීමට අදාළව සකස්කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව ප්‍රධාන වැරදි 10ක් සඳහා මෙසේ දඬ මුදල් ඉහළ දැමෙනු ඇත.
බලපත්‍රයක් නොමැතිව වාහන ධාවනය, බීමත්ව රිය පැඳවීම, දුම්රිය සංඥා නොතකමින් රිය ධාවනය, අවුරුදු 18ට අඩු පුද්ගලයන් රිය පැදවීම ආදී වරදවල් 10ක් සඳහා මෙසේ දඬ මුදල් ඉහළ දැමීමට නියමිතය.
මේ සඳහා රුපියල් 25000ක දඬයක් අයකිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් මෙම යොජනාව මුලින් ඉදිරිපත් වූ අවස්ථාවේදි ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් ඉදිරිපත් කරන්නට විය. ඒ අනුව මේ පිළිබඳව අධ්‍යනය කරන නිර්දේශ ඉදිරිපත් කිරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කමිටුවක්ද පත්කළේය.
ඒම කමිටව විසින් රථවාහන වැරදි සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන වැරදි 10ක් හඳුනාගෙන ඇති අතර ඒම වැරදි සඳහා දඬ මුදල් සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා සකස්කර ඇති පනත් කෙටුම්පත මෙසේ ගැසට් පත්‍ර යේ පළකිරීමට හා ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.