ගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
අද උදෑසන කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් 13 දෙනකු ද සවස තවත් 04 දෙනකු ද මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.
බද්දේගම සිට රෝහලේ සේවය සඳහා පැමිණෙන කාන්තාවක් ආසාදිත බව තහවුරු වීමෙන් පසු පරීක්ෂණ සිදුකර ඇත.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙලෙස ආසාදිත වූ පිරිස අතර ගිලන්රථ රියදුරකු ද සිටින බවයි.
අනෙක් සියලු දෙනාම කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකයෝය. ඔවුන් සියලුම දෙනා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අය ද වෙති.
කෙසේ වෙතත් රෝහලේ සේවය කරන වෛද්‍යවරු ද මෙම සේවක සේවිකාවන් හා ආශ්රිත වී ඇතත් වෛද්‍යවරු සියලු දෙනාම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පීසීආර් පරීක්ෂණ සඳහා ලක්වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
සිරංගිකා ලොකුකරවිට