රටවල් 48කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය ලබන අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
2019 අගෝස්තු මස සිට එම රටවල සංචාරකයන් මෙරටට පැමිණීමේදී නිදහස් වීසා හිමි වූ අතර, එය ජනවාරි මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙලෙස රටවල 48ක් සඳහා පාස්කු ප්‍රහාරයෙන් පසුව නිදහස් වීසා ලබාදීමට පියවර ගැනුනේ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙනි.
ඒ අනුව ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 48කට මෙම නිදහස් වීසා පහසුකම හිමි විය.
පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයෙන් පසු පසුගිය වසරේ මැයි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 37,802කි. ජාතික ආරක්ෂාව බිඳවැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත්, කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග මේ වනවිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, එය තවරදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගනු ලබන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.