රටතුළ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට පැවැරී ඇති බලතල අනුව ඊයේ (22දා) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ක්‍රියාත්මක මේ අනුව ක්‍රියාත්මක වීමට නියමිතය.
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම මෙහි අරමුණයි.
මහජන ආරක්ෂක පනත පැනවීමෙන් පසු එය අදාළ කාලය තුළ රටේ පවතින අනෙකුත් නීති සහ රෙගුලාසීවලට ඉහළින් බලපැවැත්වීමට නියමිතය.
මෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමි වේ.

popular news
-
Champa Tuesday, 23 April 2019 10:31 AM
මොකොටද මිනිහෝ දැන් හදිසි අවස්ථාවක්? ඕක කරන්න තිබුනේ අප්‍රේල් 4 වෙනිදා දේශපාලකයන් සහ ප්රභූවරුන්ව විතරක් ආරක්ෂා කරන්න ආරක්ෂක අමාත්‍යංශය පොලිසියට උපදෙස් දීල ලියුම යවපු දවසේ. පොලිස්පති මක් කරන්නද? මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා කිව්වහම රටේ ජනාධිපතියි අගමැති පොලිසියට සහ ත්‍රිවිධ හමුදා වලට කියන්න ඕනේ තමන් ගත්ත තීරණේ. මම ජනාධිපති වුනා නම් ඕක දැන ගත්ත දවසෙම රට පුරා ඇඳිරි නීතිය දාල හැම තැනම check point දාල ඔය බුද්ධි අංශෙ නම් දීල තියෙන තව්හීඩ් ජමාත් කල්ලියේ ත්රස්තවාදීන්ගේ පින්තූරු හැම තැනම දාල රටම දැනුවත් කරනවා. ඊට පස්සේ මින්ස්සුන්ට ගෙවල් ඇතුලේ ඉන්න කියලා ඕකුන් වැඩිය ගැවසෙන නැගෙනහිරයි පුත්තලමයි කොලොඹයි ගෙයක් ගෙයක් ගානේ check කරනවා හමුදව දාල. එතකොට එක්කෝ උන් දුටුතැන වෙඩිකයි. නැත්නම් උන් ඉන්න තැනම පුපුරුව ගෙන මැරෙයි. ඕක දැන ගත්ත වෙලාවෙම action එකක් ගත්ත නම් ඔය සියලු ජීවිත බේරා ගන්න තිබුන. මිනීමරු ආණ්ඩුවට මිනිස්සුන්ගේ ජීවිත ගැන වගේ වගක් නැහැ. තොපි විතරක් දේශපාලකයොයි ප්‍රභූවරුයි විතරක් හොරෙන් තොරතුරු හුවමාරු කරගෙන ජීවිත බේරාගෙන අහිංසක මිනිස්සුන්ට මැරෙන්න ඇරිය. මේකට ආණ්ඩුවත් හවුල්.
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

