රට තුළ ලුණු අතිරික්තයක් පවතින බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව කිසිදු හිඟයකින් තොරව ඉදිරි වසරකට අවශ්‍ය ලුණු තොග රාජ්‍ය හා පෞද්ගලික අංශ සතුව පවතින බවත් එසේම තවත් වසරක පරිභෝජනය සඳහා ලුණු නිෂ්පාදනයට අවශ්‍ය මුහුදු ජලය මීට මාස 03ක පමණ කාලයක සිට රැස් කර ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට භාජනය කෙරෙමින් පවතින බවත් හෙතෙම පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනය කෙරෙන පුත්තලම් ලුණු සමාගම, පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදනාගාර හා ලුණු ලේවා වල නිරීක්ෂණ චාරිකාවක් සඳහා අද (03දා) එක් වෙමිනි.
ලුණු කැට කිලෝවක් රු.43/=කටත් ලුණු කුඩු ග්‍රෑම් 400ක් රු.35/=කටත් ලංකා සතොස හරහා ඊයේ (02දා) සිට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යාංශය කටයුතු කළේය.