සියලුම රාජසේවකයින් රාජකාරයට කැදවිමට නිකුත් කර තිබෙන චක්‍රලේඛය වහාම අවලංගු කලයුතු බවත් එසේ නොකහොත් 05 වන දින සමස්ත රෝහල් පද්ධතියම එකාබද්ධ කර ගනිමින් පැය 24 වැඩවර්ජනයක් සිදුකරණ බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සදහන් කරයි.
සියලුම රාජ සේවකයින් රාජකාරියට කැදවිම නිසා කොවිඩ් 19 පැතිරයාමෙ අවදානමක් තිබෙන බවත් මෙම තත්වය සෞඛ්‍ය සේවයට දැඩිව බලපාණ බව. මේ නිසා හෙද .අතුරුවෛද්‍ය.. පරිපුරකවෛද්ය සේවා හා සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩල නියෝජණය කරණ වෘත්තිය සමිති හතලිස් හතරක්(44) එකාබද්ධ වි මෙම ක්‍රියා මාර්ගය සිදුකිරිමට තිරණය කර තිබෙන බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේය
මේ අනුව චක්‍රලේඛය අවලංගු නොකලහොත් 05 වන දින උදේ 7.00 සිට පැය විසිහතරකකාලයක් සේවයෙන් ඉවත්ව සිටිමේ වෘත්තිය ක්‍රියා මාර්ගය දියත් කරණ බවත් එදින දහවල් 12 සියලුම රෝහල් ඉදිරිපිටදි විරෝධතා වෘපාර පවත්වන බවද සදහන් කලේය