Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සෑමවිටම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් රට තුළ කි‍්‍රයාත්මක විය යුතු අතර ලෝකයේ බොහෝ රටවල තිබෙන අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තුළ සෑම ජනකොටසකටම සහ ආගමිකයෙකුටම නිදහසේ ජීවත්වීමට හැකි පරිසරය ගොඩනැගී තිබෙන්නේ බෞද්ධ දර්ශනයේ එම මානවවාදී මඟපෙන්වීම හේතුවෙන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ හගුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට අද (18) පස්වරුවේ එක්වෙමිනි.
ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත ඓතිහාසික මාදන්වල රජමහා විහාරය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා එක් විය.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.බී. දිසානායක මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
Wimal Tuesday, 18 June 2019 11:28 PM
Somarama Buddharlktha .ගලබෝදය ඔr athana methna Rathanaya
Reply : 0 0
Priyantha Tuesday, 18 June 2019 11:45 PM
අපිට ඕක කියල වැඩක් නෑ.ඕක කියන්න ඕන ඔබතුමා අර හොර පාරෙන් පත්කරපු,දලදාවහන්සේ ඉදිරිපිට රේස් පැදපු රුසියන් ඝනිකාවො නටවපු එකාට තමා
Reply : 1 23
janaka disapathirana Wednesday, 19 June 2019 04:50 AM
කතානායක හම්බ වෙලා වයබ පළාතේ සංගයාවහන්සේලා කල කතා අහලා දැන්වත් හැදෙන්න බලනවා පන්පොරි නොගහා කරුණාකර.
Reply : 0 12
Daham Wednesday, 19 June 2019 04:59 AM
සංඝරත්නය තමයි රට වනසන්නේ ජාතිවාදය අවුස්සමින් .
Reply : 2 13
චමින්ද Wednesday, 19 June 2019 06:13 AM
රාජ්‍ය පාලකයින්ට උපදෙස් දීමට හැකි සංඝරත්නයක් සිටිනවාද කියල පේන්නේ නැහැ.බොහෝ හාමුරුදුරුවන් වහන්සේලා දැනට දේශාපාලන පක්ෂවලට ගැතිවෙලා කියල උන්වහන්සේලාගෙ කථාවලින් පැහැදිලි වෙනවා.පක්ෂ නොගැති සංඝරත්නයක් සිටිනවානම් මේ කථාව ඇත්ත.
Reply : 0 37
Koralage Wednesday, 19 June 2019 06:45 AM
හාමුදුරුවරු මුරුංග ඇත්තේ තිබ්බට මේ වෙනකොට ඒගොල්ලෝ දේශපාලන වශයෙන් පිල්බෙදිලා නිසා සිටින නිසා බෞද්ධ ජනතාව වගේම අමන දේශපාලකයොත් ඒගොල්ල කියන එක මායිම් කරන්නේ නැහැ. කලාතුරකින් හරි අසාධාරණය සහ දේශපාලන අමන කම් ගැන කතාකරන උන්නන්සේලාත් අද කරකියා ගන්න දෙයක් නැතිව කලකිරීමෙන් ඉන්නේ. කොටින්ම ජනතාවට දැන් ඕනකරන්නේ ඉදිරියක් හරියට දකින නායකත්වයක්. එක කවදා ඇතිවේවිද. ඔක්කොම ඉන්නේ කටින් බතල හිටවන බයිලා කාරයෝ.
Reply : 0 6
Dayan Wednesday, 19 June 2019 07:18 AM
මෙතුමා නම් අස්ගිරියේ නායක හාමුදුරුවන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බව පේනවා.
Reply : 0 8
shan Wednesday, 19 June 2019 10:28 AM
රටට බන කියන්න කලින් තමන් ඒ දේවල් වල පිහිට වැඩ කලයුතුය්ව ඇති බව ජනපත අවබෝධ කර ගැන නොසිටීම විශාල අභ්ගයක්
Reply : 0 6
sirimanne Wednesday, 19 June 2019 11:45 AM
හනේ හරි විහිලු. ඔබතුම අනාගත්තේ/ ඇන ගත්තේ සාසනයේ උපදෙස් පිලිපැදද නැති නිසාද? හනේ!!
Reply : 0 5
piyanka Wednesday, 19 June 2019 11:52 AM
හාමුදුරුවන්ගෙන් උදව්ව් ජනාදි පති වෙන්න ඕන වෙලා වගේ.
Reply : 0 0
රහල් Wednesday, 19 June 2019 12:20 PM
අස්ගිරි හාමුදුරුවෝ කියපු විදිහට මුස්ලිම් අයට ගල් ගහන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd