2020 දී ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ඉක්මණින් බිහි කරන බවත් හන්දි ගානේ කතා කර, විවේචනය කර, මාධ්‍ය සංදර්ශන ඇති කරලා පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විසදිය නොහැකි බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය.
රාජපක්ෂවරුන්ගෙන් ලබාගත හැකි හොඳම පාඩම තමයි, පරාජය ලැබූ මොහොතේ සිටම ජයග්‍රහණයට සැලසුම් කිරීම කිරීම බවත් අධිකරණයේ ස්වාධිනත්වයට ගරු කරන නමුත් දිගින් දිගටම දේශපාලන දඩයම් සිදුවෙනවානම් එය රටට අගෞරවයක් බවත් ඔහු පැවැසීය.
නව පාසල් වාරය වෙනුවෙන් උතුරු කොළඹ සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පාසැල් ශුද්ධ පවිත්‍ර කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
"එක්සත් ජාතික පක්ෂය තුළ යම් යම් ගැටලු තිබෙන බවට කතාබහක් තිබෙනවා. ඒ ආකාරයෙන් පක්ෂය තුළ යම් ගැටළුවක් තිබෙනවානම්, ඒ ගැන අපි විමසීමක් කරලා, සතියක් යන්නට මත්තෙන් විසදුම් ලබා දෙනවා.
නමුත් මේක මේ හන්දි ගානේ කතා කළයුතු ප්‍රශ්නයක් නොවෙයි. ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් අපි ඉතා ඉක්මණින් සකස් කරනවා. හුදකලාවේ ප්‍රශ්න විසදන්න බැහැ.
ඒනිසා අපි අපේ ප්කෂයේ සියලු දෙනා රැස් කරලා, සාකච්ඡා කරනවා. ඒ වගේම පක්ෂය තුල යම් ගැටළුවක් තිබෙනවානම්, එය පක්ෂ අභ්‍යන්තරයෙන්ම විසදාගත යුතුයි. එහෙම නැතිව හන්දි ගානේ කතා කරලා, විවේචනය කරලා, මාධ්‍ය සංදර්ශන ඇති කරලා වැඩක් නැහැ.
අපට රාජපක්ෂවරුන්ගෙන් ලබාගත හැකි ලොකුම පාඩම තමයි, එතුමාලා පරාජය වුණ දිනයේ පටන්ම ජයග්‍රහණය වෙනුවන් සැලසුම් කිරීම. ඒක අපි ආදර්ශයට ගතයුතුයි.
නමුත් අපේ පක්ෂයේ එක්කෙනෙක් දෙන්නෙක් අභ්‍යන්තරව ඊර්ෂ්‍යාසහගතව කටයුතු කිරීම තමයි මේ පක්ෂයේ පරාජයට හේතුව. මේ තත්තවයන් නිවැරදි කරලා. 2020 දී ජයග්‍රහණය කරා පක්ෂය ගෙනයාමට අපි කටයුතු කරනවා"