රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාගේ හඬපට එළියට දැමිම පිළිකුල් සහගත ක්‍රියාවක් බවත්, එයින් අපි අපේ අනාගත පරපුරට වැරදි මාර්ගයක් පෙන්වා දී ඇතැයි හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පැවැසීය.
මාධ්‍යවේදින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (12) තලවකැලේ නගරයේදි පැවති රැස්විමකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාගේ හඬපට එළියට දැමීම හරිම පිළිකුල් සහගතයි. එහි කිසිම සුවඳක් නැහැ. මුහුණ පොතේ දැන් ඒ හඬපට විශාල වශයෙන් සංසරණය වෙනවා. පොඩි ළමයින්, පාසල් ළමුන් ඒවා බලනවා. එහෙම බලන කොට මේ සිද්ධිය හරිම පිළිකුලක් ගෙනන සිද්ධියක් වෙලා. ඒක කවුද දන්නේ නැහැ සිදු කරලා තියෙන්නේ. නමුත් එය සම්පුර්ණ වැරදි දෙයක්. මේ සිද්ධිය ගොතලා කරපු දෙයක්ද නැත්නම් ඇත්ත දෙයක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ දේවල් සිදු වෙන කොට අනාගත පරපුර වැරදි මාර්ගයක යා හැකියි.
දැන් ටෙලිපෝන් එකෙන් කාටවත් කතා කරන්නවත් බයයි. ඒවා ඔක්කොම පටිගත වෙනවනම් මම දන්නේ නැහැ ඒ සම්බන්ධව මොනවද අපි කරන්නේ කියලා. වතුකරයේ ජනතාව ගැන මම ආඩම්බර වෙනවා. සන්තෝෂ වෙනවා. කන්ද උඩරට ජනතාවගේ ඒ පුරුද්ද කවදාවත්ම තිබුණේ නැහැ. කන්ද උඩරට ජනතාව ඒ අතින් හොඳ වැදගත් උදවිය කියලා බය නැතිව මට කියන්න පුළුවන්.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අපි ස්තුති වන්ත වෙනවා. එතුමා යම් කිසි වැඩ කොටසක් සිදු කරගෙන යාම සම්බන්ධයෙන්. වර්තමාන ජනාධිපතිවරයා බලයට ඒමට ප්‍රථම වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කොට ලබාදීමට පොරොන්දු උනා. අපි බලාගෙන ඉන්නවා රුපියල් 1000 ක වැඩි වැටුප වතු කම්කරුවන්ට පොන්ගල් උත්සවයට ප්‍රථම ලබා දෙයි කියලා යැයි ඒ මහතා පැවසීය.