ජනාධිපතිවරණයේදි වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුපක් ලබාදෙන බවට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වු බවත්, එම මුදල ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බව බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.
වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා මේ බව කියාසිටියේ 2019 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් අද (12) දින නාවලපිටියේදි පැවති තේ දින සම්මන්ත්‍රණයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා කියාසිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වතු කම්කරුවන්ට රු 1,500 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වු බවයි.
වත්මන් ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවෙකුට දිනක වැටුප වශයෙන් රු දහසක වැටුපක් ලබා දිමට කටයුතු කළත් , එම මුදල අද රටේ ජිවන වියදම අනුව ප්‍රමාණවත් නොවන බවද වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.
රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬපට සම්බන්ධයෙන් අදහස් දැක්වු වඩිවේල් සුරේෂ් මහතා කියාසිටියේ එම හඬපට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු හානියක් සිදු නොවන බවත්, එම හඬපට රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ පුද්ගලික කාරණයක් බවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සිටින්නේ තම නියොජිතයන් බවත්, තම දේශාපාලන ගමනට අකමැති සහ අකුල්හෙලන බදුල්ල ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන් පසුගිය දා පස්සර ප්‍රදේශයේ සිදු වු බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේ එම පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් කටයුතු කල බවත් ඉන් තම දේශපාලනයට කිසිදු බාධාවක් නොවන බවද වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියාසිටියේය .