රංජන්ගේ මැදිහත්විමෙන් සිරගත කරපු , තින්දු ලබා දුන්න පිරිස් වෙත සාධාරණය ඉෂ්ඨ විය යුතු බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඊයේ (6) මාතර වැලිගම කොක්මාදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් පලකල ඒ මහතා ,
‘‘අපි දැක්කා පසුගිය කාලයේ විවිධ අවස්ථාවලදි ඔවුන්ට හිතවත් නිලධාරින් පත්කරගෙන විශේෂයෙන් අරලියගහ මන්දිරේ ඇතුලේ කාමරයක ඉඳගෙන රාජිත සේනාරත්න , පාඨලි චම්පික සහ අනුර දිසානායක යන මන්ත්‍රීවරුන් දුෂණ විරෝධි පෙරමුණ , එෆ් සි අයි ඩි එක පාවිච්චි කරලා දේශපාලන දඩයම ක්‍රියාත්මක කල ආකාරය . ඒ නිසා අපි පොලිස් දෙපාර්තමේන්තුවට ඉල්ලිමක් කරන්න ඕන මේ සිදුකරන පරික්ෂණ අත්අඩංගුවට ගැනිම් සම්බන්ධව රටේ මාධ්‍ය හා ජනතාව දැනුවත් කරන්න කියලා . මොකද ජනතාව හිතන්නෙ මේ දේවල් ජනාධිපතිතුමා අගමැතිතුමා මඟපෙන්විම යටතේ සිදුවෙනවා කියලා .
අපි දැක්කා පාඨලි චම්පික මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගත්ත වේලාවේ මාධ්‍ය වාර්තා වුනේ රෑ 11 ට 12 ට ඇවිත් අත්අඩංගුවට ගත්තා කියලා . නමුත් සත්‍ය නම් සවස 2ට එතුමාට කැඳවිමක් තිබුණත් නොපැමිණිම නිසා නිවසට ගොස් අත්අඩංගුවට ගෙන තිබුනා . රාජිත මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනිම ගත්තම අපි කනගාටු වෙනවා කතානායකවරයට දැනුම් දුන්නට පස්සෙද එතුමා රෝහල් ගතවුණේ කියලා . ඒ සම්බන්ධව අපිට සැකයක් තියෙනවා.
ඒ වගේම රංජන් රාමනායක මන්ති්රවරයගේ නිවස සෝදිසි කලාම එහිදි පොලීසිය විසින් ප්‍රකාශයක් කරන්න තිබුණා කුමන අරමුණින් නිවස සෝදිසි කලාද කියලා . බලපත්‍ර නොමැති ගිනිඅවියක් නිවසේ තිබිලා අත්අඩංගුවට ගත්තා කියලයි මුලින් මාධ්‍ය වාර්තා වුණේ . නමුත් ආපු කාරණය පොලීසිය විසින් මාධ්‍යයට කියලා තිබුණනම් ආණ්ඩුව අපහසුතාවයට පත්නොවෙන්න තිබුණා. අද දවසේ අධික්ෂණය වෙනවා රංජන් මන්ති‍්‍රවරයා පසුගිය කාලයේ දේශපාලන දඩයම සිදුකරන්න විශේෂයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ අය හිතවත් අය දඩයම් කරන්න කටයුතු කරපු ආකාරය ගැන . ශානි අබේසේකර , නිශාන්තද සිල්වා අධ්‍යක්ෂකවරු එක්ක පවත්වපු හඬපට එළියට ඇවිත් තියෙනවා . ඒ නිසා අපි පොලීසියෙන් ඉල්ලිමක් කරනවා සියලූ හඬපට මාධ්‍යට නිකුත් කරන්න කියලා . එසේනම් රංජන්ගේ මැදිහත්විමෙන් සිරගත කරපු , තින්දු ලබා දුන්න පිරිස් වෙත සාධාරණය ඉෂ්ඨ විය යුතුයි . ඒ සම්බන්ධව අධිකරණ කොමිසන් සභාව විසින් විශේෂ වාර්තාවක් කැඳවලා අග්රවිනිශ්චකාරවරයට හා කතානායකවරයට පුළුවන්කම තියෙනවා මේ පිළිබද පරික්ෂණ පත්වන්න කියලා නියෝග කරන්න’’ යැයි විජේසේකර මහතා වැඩිදුරටත් පැවසිය .