රාජිත පෙත්සම ඉල්ලා අස්කර ගනියි
- 30 06 2020
- 10:53
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමක් අද (30) ඔහු විසින් ඉල්ලා අස්කර කර ගෙන තිබේ.
අද දින මෙම පෙත්සම අභියාචනාධිකරණයේ දී කැදවූ අවස්ථාවේ දී තම සේවාදායකයා මේ වන විට ඇප මත මුදාහැර ඇති බැවින් ඉදිරියට මෙම පෙත්සම පවත්වාගෙන යාමට අදහස් නොකරන බව රාජිත සේනාරත්නගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.
සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් රාජිත සේනාරත්න අභියාචන පෙත්සමක් ගොනු කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
