පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු තුන්දෙනෙකුට ඔක්තෝම්බර් 29වනදා අධිකරණයේ පෙනි සිටින ලෙස කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබේ.
ඒ 2014 වසරේ මෝදර ධිවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දිමෙන් රජයට පාඩු කළ බවට වන නඩුව කැදවු අවස්ථාවේදි.
අද නඩුව කැඳවු අවස්ථාවේදි මන්ත්‍රීවරයාට අමතරව මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබුවේ ධිවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකරණ අධ්යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ යන පුද්ගලයින්ටයි.