රාගම පොලිස් බලප්රදේශයේ වත්තල විවිධ සේවා සමුපකාරයට අයත් කුරුකුලාව ග්රාමීය බැංකුවට (6දා) පස්වරු 2.30 ට පමණ මූහුණු ආවරණය කල හිස් වැසුම් පැලද පැමිණි දෙදෙනෙක් එම බැංකුවේ කලමනාකාරිය හා සේවිකාවන් බිය ගන්වා රුපියල් ලක්ෂ 4ට ආසන්න මුදල් හා රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පළා ගොස් ඇතැයි, රාගම පොලීසිය පවසයි.
දහවල් බැංකුව තුළට ඇතුල් වු කොල්ල කරුවන් දෙදෙනා පෙට්රල් සහිත බෝතලයක් ගෙන බැංකුව තුළ හලමින් කලමණාකරිත්වයට පවසා ඇත්තේ ගිනි තැබිමට පෙර නිහඩ වි මුදල් හා රන් භාණ්ඩ තමන්ට ලබා ගැනිමට කටයුතු කරන ලෙසයි. පසුව බියට පත්වු කලමණාකාරිය හා සේවිකාවන් තිදෙනා පසකට වු අවස්ථාවේ කොල්ල කරුවන් ක්රියාත්මක වි සෙප්පු තුළ තිබු මුදල් හා රන් භාණ්ඩ රැගෙන පළා ගොස් ඇතැයි වර්තා වේ.
රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ නිලධාරින් කොල්ල කරුවන් සොයා පරික්ෂණ ආරම්භ කර ඇත.