රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංක රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිභාහිර පුද්ගලකේ පත්කර ඇති බවත් එයට විරෝද්ය දක්වමින් රේගු වෘත්තීය සමිති සන්ධානය අද (30දා) සිට හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.
දේශපාලන අවශ්‍යතා මත මිලිටරි අත්දැකීම් පමණක් අති විශ්‍රාමික ආරක්ෂක සේවා නිලධාරියෙක් රේගු අධ්යක්ෂධූරයට පත්කර ඇතැයි ඔවුහු සඳහන් කරති.
එම තීරණය අවලංගු කරන තෙක් තම වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බවත් 2015 වසරේ සිට මේ දක්වා රේගු දෙපාර්තමේන්තුවට රේගු අධ්යක්ෂ ජනරාල්වරු පස් දෙනෙක් කිසිම පදනමකින් තොරව දේශපාලන වුවමනාවන් අනුව වෙනස් කර ඇති බවත් එම සන්ධානය වැඩිදුරටත් පවසයි.