රේගු අධ්යක්ෂ ජනරාල්වරියට ලබාදී තිබෙන ස්ථාන මාරුව අද (04දා) දිනය තුළ අවලංගු නොකළොත් හෙට (05දා) දින සිට වෘත්තීමය ක්‍රියාමාර්ග දැඩි කරන බව රේගු නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් පසුගිය 30 වැනිදා සිට ආරම්භ කර තිබෙන බවද එම සංගමයේ සමලේකම් තුසිත අධිකාරම් මහතා සඳහන් කළේය.
එහෙත් ආනයනික අල, ලූනු, දොඩම්, ඇපල්, මිදි ඇතුළු නරක්වන අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරීමේ කටයුතු නිසි ලෙස සිදුකළ බවත්, අද (04දා) දිනය තුළ විසඳුම් නොලැබුණොත් හෙට සිට අල, ලූනු, දොඩම්, ඇපල්, මිදි ඇතුළු නරක් වන අත්‍යවශ්‍යභාණ්ඩ මුදාහැරීමද අකුරට සිදුකරන බවත් හෙතෙමපවසා සිටියේය.
සිදුවූ අවධිමත් මූල්‍ය ගනුදෙනු පිළිබඳ අධ්යක්ෂ ජනරාල්වරිය ඇතුළු පිරිස විධිමත් පරීක්ෂණයක් සිදුකරමින් සිටියදී, අධ්යක්ෂ ජනරාල්වරියට ස්ථාන මාරුවක් ලබාදී හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු එම තනතුරට පත්කළ බවද සමලේකම්වරයා සඳහන් කළේය.
එම ක්‍රියාවට විරෝධය දැක්වීම හේතුවෙන් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු අදාළ තනතුරේ වැඩ බැලීමට පත්කළ බවද ඔහු පැවසීය.
අධ්යක්ෂ ජනරාල්වරියට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත්, ස්ථාන මාරුව අවලංගු කරනතෙක් ක්‍රම‘යෙන් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බවත් තුසිත අධිකාරම් මහතා සඳහන් කළේය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රජයට දෛනිකව අහිමිවන මුදල රුපියල් බිලියන 02ක් පමණ වන බවද වාර්තාවේ. එමෙන්ම මේ දක්වා සිදුව ඇති අලාභය රුපියල් බිලියන 10කට වඩා වැඩි බවද වාර්තාවේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ග රේගු මාණ්ඩලික නිලධාරීන්, රේගු අධිකාරීවරුන් හා රේගු නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදුකරන බවද ඔහු පවසා සිටියේය.
දෛනිකව වරායට පැමිණෙන කන්ටේනර් එක්දහස්දෙසීයක්, එක්දහස්පන්සියත් අතර ප්‍රමාණයක් නිෂ්කාශන කටයුතු සිදුකර වරායෙන් ඉවත් කර ගැනීම සිදුකරන බව වෘත්තීය සමිති සඳහන් කරයි.
එහෙත් පසුගිය 30 වැනිදා සිට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිනකට බහලුම් නිෂ්කාශන කටයුතු සිදුවනුයේ එකසිය පනහත්, දෙසීයත් අතර ප්‍රමාණයක් පමණි.
මේ හේතුවෙන් වරාය තුළ කන්ටේනර් දහස් ගණනක් ගොඩගැසී තිබෙන අතර, ඉදිරි දින තුන තුළද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් වුවහොත් කන්ටේනර් නැව්වලින් ගොඩබා තැබීමට ස්ථානයක් නොමැතිවන බවද වරාය සේවකයෝ සඳහන් කරති.
එසේ වුවහොත් නැව්වලින් කන්ටේනර් ගොඩබෑම නවතා දැමීමට සිදුවන බවද එම පිරිස් පෙන්වා දෙති.
පසුගිය වසර තුළදී වියට්නාමයෙන් මෙරටට ගෙන්වූ ගම්මිරිස් කන්ටේනර් දෙසීයපනහක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බදු සහන යටතේ ඉන්දියාවට ප්‍රතිඅපනයනය කර තිබෙන අතර, මේ නිසා ආනයනික වශයෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන පන්සියදහයක බදු අහිමි වී තිබේ.
මීට අමතරව ඉතාලියට රැගෙන යෑමට වෙනත් රටකින් රැගෙන හා බීඩිකොළ කන්ටේනරයක් රහසිගතව රටතුළට රැගෙන ඒම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 45ක බදු අහිමි වී ගොස් ඇත.
පිරිසුදු කර,නැවත විදේශ රටවලට යවන බව පවසමින් විදේශ රටකින් ගෙන්වූ ෆාම් ඔයිල් තොගයක් රහසිගතව රටතුළට මුදාහැරීම හේතුවෙන් රුපියල් මිලියන 81 බදුමුදලක් අහිමි වී තිබෙන අතර, මේ පිළිබඳ රේගු දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙලෙස පරීක්ෂණ සිදුකරන ඒකකයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු වෙනත් ස්ථානයකට මාරු කර යැවීමට ප්‍රබල දේශපාලනඥයෙකුහා තවත්දේශපාලනඥයෙකුගේ කාර්යමණ්ඩලයකසිටින පුද්ගලයෙකු කටයුතු කර තිබේ.
ස්ථාන මාරු ලබාදුන් නිලධාරීන් දෙදෙනා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන මාරුවීම තාවකාලිකව නවතාගෙන සිටින අතර, අදාළ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට අධ්යක්ෂ ජනරාල්වරිය කටයුතු කිරීම හේතුවෙන් අධ්යක්ෂ ජනරාල්වරියටද ස්ථාන මාරුවක් ලබාදීමට මෙම පිරිස කටයුතු කර ඇත.
මෙම ජාවාරම් පිටුපස ගාල්ල දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ක්‍රියාත්මකවන සංවිධානාත්මක අපරාධ කල්ලියක්ද සිටින බව රේගු දෙපාර්තමේන්තු සේවකයෝ සඳහන් කරති.
මෙම ජාවාරමට ප්‍රධාන වශයෙන් සහයෝගය දක්වන අය ආණ්ඩුවේබලය රඳපවත්වා ගැනීම සඳහා සහයෝගය ලබාදෙන ප්‍රබල චරිතයක් වන බැවින් රේගු දෙපාර්තමේන්තුවේ ඉහළට තනතුරු දරන තිදෙනෙකුටම ස්ථාන මාරු ලබාදීමට හැකියාව ලැබී ඇතැයිද එම පිරිස් පෙන්වා දෙති.
ඡායාරූප ළහිරු හර්ෂණ