රේගු අධ්යක්ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් වන නමුත් ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද (05දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
රේගුව තුළ මේ වන විට ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.