රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ නව රජයේ වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික අංශයේ සේවය කිරීම හේතුවෙන් රැකියා අහිමි වූ උපාධිධාරී තරුණ තරුණියන් පිරිසක් අද (16දා) පෙරවරුවේ කුරුණෑගල දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
රජයේ උපාධිධාරී රැකියා ඉල්ලුම් කිරීම සඳහා තමන් කරමින් සිටි පෞද්ගලික රැකියා වලින් පවා ඉවත් වූ බවද එය හේතුවක් කර ගනිමින් තමන් රැකියා ලැයිස්තුවෙන් ඉවත් කිරීම බරපතල අසාධාරණයක් බවද විරෝධතාවයට සහභාගිවූවන් සඳහන් කළහ.
තිබූ රැකියාවද අහිමිව මේවනවිට කිසිදු රැකියාවක් නොමැතිව අසරණව කල් ගෙවීමට තමන්ට සිදුව ඇති බවටද ඔවුන් පැවැසීය.
ඔවුන් තම දුක්ගැනවිල්ල ඇතුළත් ලිපියක් කුරුණෑගල දිස්ත්රික් ලේකම් ර්.එම්.ආර්.රත්නායක මහතා වෙත බාර දුන්නේය.