රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ කොළඹ සිට මන්නාරම දක්වා ගමන්ගත් බස් රථයක් සෙට්ටිකුලම් පොලිස් මාර්ග බාධකයකදි යුද හමුදාව හා පොලීසිය ඒකාබද්ධව සිදුකළ පරීක්ෂා කිරීමේදී සැකකරු ඊයේ රාත්‍රියේ හෙරෝයින් තොගය බස් රථයේ බෑගයක් තුළ සඟවා සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙකු වන අතර සැකකරු ජාවාරම්කරුවෙකුගෙන් හෙරෝයින් තොගය ලබාගෙන මන්නාරම ඇතුළු ප්රදේශයන්ගේ බෙදා හැරිමට රැගෙනයමින් සිටියදි අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු හා හෙරෝයින් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අදාළ හෙරෝයින් තොගය රැගෙන ආ ස්ථානය පිළිබඳව විශේෂ පරික්ෂණයක් සෙට්ටිකුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප්කුමාර මහතා ඇතුලු පිරිසක් විසින් ආරම්භ කොට ඇත.