යාපනය සහ මන්නාරම් ප්රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද කේරල ගංජා කිලෝ 142 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් යාපනය වෙත්තලකේණි, වත්තිරායන් මුහුදු ප්රදේශයේදී සිදු කල සෝදිසි වැටලීමකදී සැකකටයුතු යාත්රාවක් පිරික්ෂා කිරීමේදී එහි තිබූ පාර්සල් 09 ක කේරල ගංජා කිලෝ 43 ග්රෑම් 270 ක ප්රමාණයක් අත්අඩංගුවට ගත් අතර අදාල කේරල ගංජා තොගය රැගෙන යාමට පැමිණ සිටි පුද්ගලයෙකුද යතුරුපැදියක් සමගින් නාවික හමුදා භාරයට ගනු ලැබීය.
මේ අතර මන්නාරම ඉලුප්පකඩවායි කාත්තාරම්පිඩ්ඩි ප්රදේශයේ පිහිටි කැලෑවක උතුරුමැද නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී පාර්සල් 24 ක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 98 ග්රෑම් 870 ක ප්රමාණයක් සොයාගනු ලැබීය.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් මෙරට වෙනත් ප්රදේශ වෙතට ප්රවානය කිරීමට ජාවාරම් කරුවන් සැලසුම් කොට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය හා යතුරුපැදිය සමගින් සැකකරුවන් දෙදෙනා ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පලෙයි සහ ඉලුප්පකඩවායි පොලිස් ස්ථාන වෙතට භාර දුන් බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.