පාසල් දැරියක් 6 ශ්‍රේණියට ඇතුළත් කිරීමට රුපියල් පන්දහසක අල්ලසක් ලබාගත් හොරොව්පොතාන මාධ්යමහ විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් (අද31) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විදුහල්පතිවරයා මෙම පන්දහසක මුදල ලබා ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.
හොරොව්පොතාන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති මෙම දැරිය හයවෙනි ශ්‍රේණිය සඳහා හොරොව්පොතාන මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් කිරිමට යාමෙදි විදුහල්පතිවරයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අනුරාධපුර බී.ජී. චතුරංග