රුපියල් 30000ක මුදලක් කොල්ල කෑම සඳහා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අවාසනාවන්ත පුවතක් තිනියාවලින් වාර්තා වෙයි. ඊයේ (02දා) දහවල් මෙම ඝාතනය සිදුව තිබේ.
අවුරුදු 56ක් වන පුද්ගලයෙක් සිය වෙළඳසැලට අවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සඳහා රුපියල් 30000ක මුදලක් රැගෙන ඔහු විසින් පදවන ලද ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදී කිසිවෙකු විසින් පහරදී මෙම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.
අපරාධය සිදුකළ අය පිළිබඳව තොරතුරු වාර්තා නොවන අතර තිනියාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.