වී කිලෝවක් රුපියල් 30 කට මිලදීගත් යහපාලන කාලයේ නිහඩව සිටි ජනතා විමුක්ති පෙරමුණ රුපියල් 55 කට වී කිලෝවක් මිලදී ගන්නා මෙම කාලයේ දී ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටීම විහිලුවක් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.
ගොවි ජනතාවට දුන්න සහන යහපාලන සමයේ දී කප්පාදු කරද්දි ජනතා විමුක්ති පෙරමුණ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ආකාරයත් අමාත්‍යවරයා සිහිපත් කළේය.