යල කන්නය සඳහා වි මිල දි ගැනිමට රුපියල් මිලියන 500ක මුදල් ප්රතිපාදන ලැබුණු බැවින් වි මිලදි ගැනිමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ඒ අනුව නාඩු කිලෝග්රෑම් රුපියල් පනහකටත් සම්බා කිලෝ ග්රෑමයක් රුපියල් පනස්දෙකටත් කිරි සම්බා කිලෝ ග්රෑමයක් රුපියල් පනස්පහකටත් මිලදි ගැනිමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙවර යල කන්නය සඳහා වි මෙට්රික් ටොන් පනස් දහසක් මිලදි ගැනිම සඳහා වි අලෙවි මණ්ඩලය කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.