යාපනය විශ්වවිද්‍යාලයේ අඩක්ව ඉදිකිර තිබූ මහවිරු සැමරුම් ස්මාරකය ඊයේ (11) රාත්‍රියේ සිසුන් පිරිසක් රහසිගතව සම්පූර්ණ කොට විවෘත කොට ඇති බවට යාපනය ආරක්ෂක අංශ කියා සිටියේය.
යුද්ධයෙන් මිය ගිය මහවිරුවන් සැමරීම සඳහා යාපනය සරසවියේ මහවිරු ස්මාරකයක් ඉදිකිරීමට සරසවියේ සිසුන් පිරිසක් විසින් පියවර ගෙන තිබූ අතර පසුව එම ස්මාරකයේ පාදම කොටස දක්වා ඉදිකෙරෙමින් පැවති අවස්ථාවේදී අදාළ ස්මාරකය ඉදිකිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය නොලැබීම හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති රත්නම් විග්නේශ්වරන් මහතා විසින් පියවර ගනු ලැබීය.
මේ අනුව අදාළ ස්මාරකයේ පාදම කොටස පමණක් ඉදිකොට තිබියදී පසුගිය දිනයන්හි සරසවි සිසුන් මහවිරු සැමරුම් එම ස්මාරකය ඉදිරියේදී සිදු කල අතර ඊයේ රාත්‍රියේ සිසුන් පිරිසක් විසින් අදාළ ස්මාරකයේ උඩ කොටස වෙනත් ස්ථානයක සාදා එකවරම රැගෙනවිත් ස්මාරකය උඩ සවි කිරීමෙන් පසුව එම සිසුන් විසින්ම විවෘත කොට ගොස් ඇති බවට ආරක්ෂක අංශ කියා සිටියේය.
මේ අනුව ස්මාරකයේ ඉහළ කොටසේ ඉදිකොට ඇත්තේ යුද සමයේදී කොටි සංවිධානය විසින් මහවිරු සැමරුම් සඳහා යොදාගත් සංඥා කිහිපයක් වන පොළවෙන් මතු වූ හස්තයන් කිහිපයක්ය.
කෙසේ වෙතත් මහවිරු ස්මාරකයේ උඩ කොටස සවි කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න හඳුනාගෙන නොමැති අතර විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අවසරය නොමැතිව අදාළ ස්මාරකය ඉදිවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.