යාපනය පේදුරුතුඩුව ඉම්බාසිද්ධි ප්රදේශයේ නිවසක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය කේරලගංජා ජාවාරමක් වැටලීමේදී කේරලගංජා කිලෝ 86 ග්රෑම් 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පේදුරුතුඩු පොලීසිය කියා සිටියේය.
කන්කසන්තුරෙයි නාවික හමුදා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඒ බව පේදුරුතුඩුව පොලීසියට දැනුම් දීමෙන් පසුව පේදුරුතුඩුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඉම්බාසිද්ධි වියපරමුල්ලෙයි ප්රදේශයේ නිවසක වහලයක් මත අතුරා තිබූ අදාළ කේරල ගංජා තොගය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
ගෙවී ගිය පසුගිය සතිය තුළ පමණක් කේරල ගංජා කිලෝ 509 ක ප්රමාණයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය රුපියල් කෝටි 7කට ආසන්න මුදලක වටිනාකමකින් යුක්ත වන බවටද නාවික හමුදාව කියා සිටියේය.