ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙවරද පැවත්වීමට පියවර ගෙන ඇතැයි කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.
මේ අනුව වාර්ෂික මංගල්‍යයේ සියලු දේව මෙහෙයන් එලඹෙන 13 වන සිකුරාදා ආරම්භ කෙරෙන අතර ඊට ප්‍රථමව සිදුකෙරෙන කොඩි එසවීමේ මංගල්‍යය හා බැතිමතුන්ට වාර්ෂික මංගල්‍යය දැනුම් දීමේ දේව මෙහෙයන් ආරම්භ කිරීම ඊයේ (04) දින සිදුවිය.
මෙවර නල්ලූර් කෝවිලේ සියලුම දේව මෙහෙයන් පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ පොලීසියේ පූර්ණ අධීක්ෂණයන් යටතේ ආරක්ෂිතව පැවත්වීමට යාපනය මහනගරසභාව විසින් පියවර ගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන නීතීන් වලට අනුව දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගීවීමේ උපරිම සීමාව 100 ක් දක්වා සීමා කිරීමට සිදුවන බවටද යාපනය මහනගරසභාව විසින් බැතිමතුන්ට දැනුම් දී ඇත.