කොවිඩ් 19 අවදානමක් හේතුවෙන් යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයන්හි පිහිටි සියලු පාසල් වෙතට අද (14) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දීමට තීරණය කොට ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංකෝවන් මහතා පවසා සිටියි.
උඩුවිල් අධ්‍යාපන කලාපයේ කොවිඩ් ආසාදිතයින් වාර්ථාවීමත් සමග එම ආසාදිතයින් තෙලෙිප්පලෙයි අධ්‍යාපන කලාපයේද සංචරණය කොට එම ප්‍රදේශයන් නිරෝධායනය කිරීමට සිදුවීමත් හේතුවෙන් මෙලෙස අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පිහිටි පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත.
මේ අනුව උඩුවිල් අධ්‍යාපන කලාපයේ පාසල් 33ක් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයේ පාසල් 40කට මෙලෙස නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දී ඇති අතර අදාල අධ්‍යාපන කලාපයන්හි අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පියවර ගත් බවටද උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් වැඩිදුරටත් පැවසීය.