73 වැනි ජාතික නිදහස් දිනයට සමගාවීම යුද හමුදාවේ 8563කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
නිලධාරීන් 337කට හා සෙසු නිලයන් 8226කට මෙසේ උසස්වීම් ලබාදී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ අනුව මෙම උසස්වීම් සිදුකර තිබේ.
උසස්වීම් කර ඇති ආකාරය
බ්රිගේඩියර්වලි 14ක් මේජර් ජරනාල් ධුරයට
කර්නල්වරු 23ක් බ්‍රිගේඩියර් ධුරයට
ලුතිනන් කර්නල්වරු 35ක් කර්නල් ධුරයට
මේජර් 34ක් ලුතිනන් කර්නල් ධුරයට
කැප්ටන්වරු 206ක් මේජර් ධුරයට
ලුතිනන්වරු 22ක් කැප්ටන් ධුරයට
දෙවන ලුතිනන්වරු 03ක් ලුතිනන් ධුරයට ඇතුළුව තවත් සෙසු නිලයන් 8226ක් ඔවුන්ගේ ඊළඟ ධුරයට උසස්වීම් කර තිබේ.
මෙම උසස්වීම් අද (04දා) සිට බලපැවැත්වෙන අතර යුද හමුදාපතිවරයා 2019 අගෝස්තු මාසයේදී සිය ධුරයට පත්වීමෙන් පසුව නිලධාරීන් 2476ක් හා සෙසු නිලයන් 50860කට උසස්වීම් ලබාදී තිබේ.